QR කේතයෙන් හෙළිවු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියගේ ඝාතනය

යාපනය විශ්වවිද්‍යාලයේ 54 හැවිරිදි තිලීපන් දයාලිනි නමැති කථිකාචාර්යවරියකගේ ඝාතකයින් ඉන්ධන QR කේතය හරහා සොයාගැනීමට පොලීසිය සමත්වී ඇත.

කථිකාචාර්යවරියගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමියන් යැයි පැවසෙන 19 හැවිරිදි කාන්තාවක් සහ 21 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

කථිකාචාර්යවරිය වන සිය මව සහ නැගණියව ඇයගේ සැමියා විසින් පැහැරගෙන ගොස් ඇති බවට මියගිය කාන්තාවගේ පුත්‍රයා යාපනය පොලීසියට පැමිණිලි කර ඇත.

අනතුරුව විමර්ශනය සිදු කිරීම සඳහා යාපනයේ පොලීස් නිලධාරින් මරණකාරිය ජීවත් වූ නිවසට ගොස් ඇති අතර එහි වහළ සෙවිලි කළ උළු ඉවත් කර කඹයක් ආධාරයෙන් නිවසෙන් පිටත්ව ඇති ආකාරය සහ කපන ලද හිසකෙස් පොලීසිය විසින් සොයාගෙන ඇත.

අනතුරුව ඔවුන් විසින් පරන්තන් ATM යන්ත්‍රණයෙන් මුදල් ලබාගෙන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඇති ඉන්ධන පිරවුම්හලකින් QR කේතය භාවිත කරමින් ඉන්ධන ලබාගෙන ඇති බවට පොලීසිය විසින් තොරතුරු හෙළි කරගෙන ඇත.

එම ඉන්ධන පිරවුම්හලේ ඇති CCTV කැමරා දර්ශන උපයෝගී කරන පොලිස් නිලධාරින් විසින් සිදුකළ විමර්ශන වලට අනුව (20) ත්‍රිකුණාමල ප්‍රදේශයේදී 19 හැවිරිදි බිරිඳ සහ 21 හැවිරිදි සැමියාව පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව යාපනය පොලිස් ස්ථානයට රැගෙනවිත් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තමන් විසින් කථිකාචාර්යවරියගේ ගෙල මිරිකා ඝාතනය කළ බවට ඇයගේ බෑනා පාපොච්චාරණය කර ඇත.

ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව මළ සිරුර යාපනය – තනංකිලප්පු, අරුගුවෙලි ප්‍රදේශයේ ඇති වගුරුබිමක දැමූ බවට සැකකාර බෑනා පොලීසියට පාපොච්චාරණය කර ඇති අතර අනතුරුව අදාළ මළ සිරුර සොයාගෙන ඇත.

කෙසේ වෙතත් ඒ වනවිට එය විකෘති වී තිබූ බවට තොරතුරු වාර්තා වන අතර මේ වනවිට අදාළ මළ සිරුර යාපනය ශීක්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments