ඉන්ධන නිකුත් කරන QR කේතය ගැන රජයේ තීරණය
ඉන්ධන නිකුත් කරන QR කේතය ක්‍රියාත්මක කිරීම පටන් අරගෙන මාස 06ක් පමණ වන බවත් එහිදී ඇතිවු ගැටලු වලට මේ වනවිටත් විසදුම් ලබාදී තිබෙන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
එනිසා ඉන්ධන නිකුත් කරන QR කේතය තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් QR නොමැතිව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් සම්බන්ධයෙන් තෙල් සංස්ථාව ක්‍රියාමාර්ගය ගන්නා බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,
“දැන් QR කේතය ක්‍රියාත්මක කරන්න අරගෙන මාස 06ක් විතර ගතවෙලා තියෙනවා. මුල් වෙලාවේදී සමහර යන්ත්‍ර ක්‍රියාත්මක කරන අය ගැන ප්‍රශ්න මතු වුණාට, ප්‍රදේශීය ලේකම් කාර්යාල හරහා ඒවට විසදුම් ලබාදුන්නා.”
“කිසිම කර්මාන්තයක් වැහුණේ නෑ. කිසිම ඉදිකිරීම් තැනක් වැහුණේ නෑ තෙල් ප්‍රශ්නය නිසා. ඔබ මාස 06කට පස්සෙත් කියනවා නම් තෙල් ගහගන්න බැරිවුණා කියලා තණකොළ කපන අයට, මට කරුණාකරලා කියන්න ඒ කොහෙද කියලා. මම ඒක හොයලා බලන්නම්.”
“QR එක ක්‍රියාත්මක වෙනවා තවමත්. කොහේ හරි එහෙම වෙන්නේ නැත්නම්, ඒකට තෙල් සංස්ථාව කටයුතු කරනවා. මම දන්න අවස්ථා ගණනාවකදී තෙල් සංස්ථාව මැදිහත් වෙලා ඒකට ක්‍රියාමාර්ග අරගෙන තිබුණා. පොදුවේ ගත්තොත් එහෙම, කලින් වතාවේ QR වලට වඩා මේ අවස්තාවේ QR බලන එක අපි දැකලා තියෙනවා.”
