LIVE
ජන සෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමිට මැර ප්‍රහාරයක් එල්ල වී ඇත.
විහාරස්ථානයේ පැවැති රැස්වීමක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර අනතුරුව තුවාල ලැබූ සීලරතන හිමි ගම්පහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
උන්වහන්සේ මේ වනවිට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර එම ප්රහාරයට සම්බන්ධ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇත.
එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වීරගුල පොලීසිය කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත.
