ලොව පුරා සිටින අමෙරිකානුවන්ට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
පවතින තත්ත්වය හේතුවෙන් ලොව පුරා මෙන්ම විශේෂයෙන් මැදපෙරදිග සිටින අමෙරිකානුවන්ට වැඩි අවධානයක් යුතුව කටයුතු කරන ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සියලු අමෙරිකානුවන් ළඟම පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය විසින් නිකුත් කර ඇති ආරක්ෂක අනතුරු ඇඟවීම්වල මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
කාලානුරූපව ගුවන් අවකාශය වසා දැමීම මෙන්ම මැද පෙරදිගින් පිටත ඇතුළුව එක්සත් ජනපද රාජ්‍ය රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් ඉලක්ක විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉරානයට සහාය දක්වන කණ්ඩායම් විදේශයන් හී අනෙකුත් එක්සත් ජනපද අවශ්‍යතා හෝ එක්සත් ජනපද හා ලොව පුරා අමෙරිකානුවන් හා සම්බන්ධ ස්ථාන ඉලක්ක විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එනිසා වැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙස දන්වමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ලොව පුරා සිටින සියලු අමෙරිකානුවන්ට යාවාත්කාලීන අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.
