Advertisements
Advertisements

ඉරාන රාජ්‍ය ගුවන්විදුලි නාලිකාවට ප්‍රහාරයක්

LIVE

ඊශ්‍රායලය විසින් ඉරාන රාජ්‍ය ගුවන්විදුලියට ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් එම ප්‍රහාරයෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ දකුණු වරාය නගරය තුළ පිහිටි අදාළ ගුවන්විදුලි නාලිකාවට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගතවූ පැය 24ක කාලය තුළ අමෙරිකාව සහ ඊශ්‍රායල විසින් ඉරානය වෙත එල්ල කළ ප්‍රහාරවලින් කුඩා දරුවෙකු මියගොස් ඇති බව අමෙරිකා එක්සත් ජනපදය පදනම් කර ගත් මානව හිමිකම් සංවිධානයක් සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest