අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය තුළ මේ වනවිට අමෙරිකානු ගුවන් හමුදාවට අයත් යානා 9ක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මාර්තු (02) වෙනිදා කුවේට් රාජ්‍යයට ඉහළින් පියාසර කරමින් තිබූ අමෙරිකානු F-15E යානා තුනක් අත්වැරදීමකින් එල්ල වූ මිත්‍ර පාර්ශවීය ප්‍රහාරයකින් කඩා වැටී ඇත.
මාර්තු (12) වෙනිදා බටහිර ඉරාකයේදී KC-135 වර්ගයේ ඉන්ධන පිරවුම් යානයක් කඩා වැටී විනාශ විය.
පසුගිය මාර්තු (29) වනදා සවුදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් E-3 Sentry වර්ගයේ විධාන සහ පාලන යානයක් විනාශ වී ඇත.
ඉරානයේ දුරස්ථ කඳවුරක සිරවී සිටි F-15E යානයක කාර්ය මණ්ඩලය මුදාගැනීමේ මෙහෙයුමකට ගිය ප්‍රවාහන යානා දෙකක් තාක්ෂණික දෝෂ හේතුවෙන් ගුවන්ගත වීමට නොහැකි වීම මත එම යානා සතුරා අතට පත්වීම වැළැක්වීම සඳහා අමෙරිකානු හමුදාව විසින්ම පසුගිය (05) වනදා ඒවා විනාශ කර ඇත.
මධ්‍යම ඉරානයට ඉහළින් පියාසර කරමින් තිබූ F-15E Strike Eagle වර්ගයේ ප්‍රහාරක යානයක් පසුගිය (03) වනදා වෙඩි තබා බිම හෙළා ඇති අතර එදිනම පර්සියානු ගල්ෆ් කලාපයේදී A-10 Warthog යානයක් අනතුරට පත්ව ඇත.

