අමෙරිකා – ඉරාන ගිවිසුමේ කරුණු රහසිගතයි

ඉරානය සමඟ ඇති කරගත් ගිවිසුමට අදාළ වැදගත් කරුණු “රහසිගතව” සාකච්ඡා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

එම ප්‍රකාශයත් සමගින් ඉරානය සමඟ ඇති කරගත් ගිවිසුම සම්බන්ධයෙන් පැතිර යන විවිධ අසත්‍ය ප්‍රකාශ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විවේචනය කර ඇත.

තමන්ව හඳුන්වා නොදුන් පිරිස් විසින් පතුරුවනු ලබන ලේඛන සහ ගිවිසුම් පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත.

“අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡාවලට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයින් විසින් විවිද ගිවිසුම්, ලැයිස්තු සහ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් සිටිනවා. බොහෝ අවස්ථාවලදී ඔවුන් මුළුමනින්ම වංචාකරුවන්.”

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සටහන මගින් ඉරානය සමඟ ඇතිකරගත් “වැදගත් කරුණු” මොනවාද යන්න පිළිබඳව නිශ්චිත පැහැදිලි කිරීමක් කර නොමැත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest