Advertisements

සිලින්ඩර් අපේක්ෂක චන්දන කත්‍රිආරච්චිගේ ආයුධ ගබඩාව

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට ගැනීම සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත නිලධාරින් කණ්ඩායමක් විසින් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් ප්‍රකාරව අද (16) පිළියන්දල පොලිස් වසමේ මාම්පේ ප්‍රදේශයේ පිහිටි චන්දන කත්‍රිආරච්චිගේ නිවස පරික්ෂාවට ලක් කර ඇත.

එම හදිසි පරීක්ෂා කිරීමේදී අවි ආයුද රැසක් හමුවී ඇත.

ජීව අත්බෝම්බයක්
T 56 වර්ගයේ මැගසින් දෙකක්
T 56 ජීව පතරොම් 221ක්
0.22 වර්ගයේ පතරොම් 103ක්
84S වර්ගයේ ජීව පතරොම් 31ක්
වගා ඉඩමක් සඳහා නිකුත් කර තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක්

අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රීවරයා අද කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest