පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (04) දින පෙනී සිටීමට නියමිතව ඇත.
ඒ අනුව අද දින පෙරවරු 9.00ට නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත ගුවන් යානා බලඇණියක් ස්ථාපිත කිරීමේදී සිදුවූ බව කියන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව මෙම කැඳවීම සිදුකර ඇත.
මේ අතර ලබන (12) වැනිදා අනුරාධපුරයේදි පැවැත්වීමට නියමිත රැස්වීමට පෙර තමන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කිරීමට ඉඩ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීම හේතුවෙන් ආණ්ඩුව දැඩි කලබලයකට පත්ව ඇති බවත් මර්දනය මගින් විපක්ෂයේ හඬ යටපත් කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
