Advertisements

මහපාරේ කාන්තාවකට අමානුෂික ලෙස පහරදුන් 9ක් අත්අඩංගුවට

පිරිසක් එකතු වී මහාමාර්ගයක් මධ්‍යයේ කාන්තාවකට අමානුෂික ලෙස පහරදීමක් සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු ප්‍රදේශය හැරගොස් සිටි අතර ගොකරැල්ල පොලීසිය සිදුකළ විමර්ශනයෙන් අනතුරුව ඊයේ (19) දින එම සැකකරුවන් 09 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අපරාධය පසුගිය (16) දින ගොකරැල්ල මැදලන්ද ප්‍රදේශයේ සිදූවීමක් වන අතර ඥාතීන් පිරිසක් අතර ඇතිවු ගැටුම්කාරීකාරී තත්වයක් මෙම පහරදීමට මූලික වී ඇත.

පහරකෑමට ලක්වූ කාන්තාව නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝහලෙන් සුවය ලබා මේ වන විට පිටව ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest