මුළු ලෝකයේම ජනප්‍රියත්වයට පත් පඤ්ඤාකර හිමි කවුද.?

පසුගිය 2025 වසරේ අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටන් ඩී.සී. අගනුවර දක්වා දින 108කදී සැතපුම් 2000 අධික දුරක් පා ගමනින් වැඩම කළ පූජ්‍ය පඤ්ඤාකර හිමි පිළිබඳව ලෝකය පුරාම කතා බහට ලක්ව ඇත.

44 හැවිරිදි උන්වහන්සේ අමෙරිකාවේ ටෙක්සාස්හි හුන් ඩාවෝ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩ වෙසෙන අතර උන්වහන්සේ ථෙරවාද බෞද්ධ හිමිනමක් වන අතර උපන් බිම වියට්නාමය වේ.

අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරයක් සහ ධාතූන් වහන්සේ අමෙරිකාව වෙත වැඩම කරවීමේ අරමුණින් උන්වහන්සේ (21) දින අලුයම ශ්‍රී ලංකාවට වැඩම කළහ.

පඤ්ඤාකර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය අද (22) සිට අප්‍රේල් (28) වනදා දක්වා දඹුල්ලේ සිට කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර රැසක් පසු කරමින් පාද යාත්‍රාවේ නිරත වීමට නියමිතය.

1981 වසරේ වියට්නාමයේ දක් ලක්හි උපත ලද පඤ්ඤාකර හිමිගේ ගිහි නම ලැම් වැන් න්ගුයෙන් වන අතර ඔහුට සහෝදරයන් දස දෙනෙක් සහ එක් සහෝදරියක් සිටින අතර ඔහු පවුලේ බාලයා වේ.

ලැම් වැන් න්ගුයෙන් 1997 වසරේදී අමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වු අතර 2007 වසරේදී, ඔහු ටෙක්සාස් ෆෝර්ට් වර්ත්හි හොන්ග් ඩෝඕ විහාරස්ථානයේදී පූජ්‍ය රතනගුණ හිමි යටතේ සාමණේර භික්ෂුවක ලෙස පැවිදි විය.

අනතුරුව 2010 වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී පූර්ණ පැවිදිභාවය ලැබීය.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments