2026 වසර අගදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවට පැතිර යන පුවත ගැන දැනුම්දීමක් කර ඇත.
ඒ අනුව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවට පැතිර යන පුවත අසත්‍ය බව අගරදරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත පූජා ප්‍රසාදීන් වහන්සේ පවසයි.
කතෝලික සභා නීති අනුව අගරදගුරු වරයෙකුට වයස අවුරුදු 80ක් පිරෙන විට විශ්‍රාමය සම්බන්ධයෙන් සලකා බැලීම සිදු වුවද, එම තීරණය අවසානයේ ගනු ලබන්නේ පාප්වහන්සේ විසින් බවද ජූඩ් ක්‍රිසන්ත පූජා ප්‍රසාදීන් වහන්සේ පවසයි.
ඒ අනුව, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට ලබන වසරේදී වයස අවුරුදු 80ක් පිරුණද, ඔහුගේ විශ්‍රාමය සම්බන්ධයෙන් කිසිදු නිල තීරණයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව සඳහන් වේ.

