ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (28) දින පස්වරුවේ පැවැති විධායක කමිටු රැස්වීමකදී එහි සභාපති ශම්මි සිල්වා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණ කර ඇත.
ශම්මි සිල්වා 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට මුල්වරට තේරී පත් වූ අතර ඔහු එතැන් සිට මේ දක්වා වසර 7ක කාලයක් සභාපති ධුරයේ කටයුතු කළේය.

