මුදල් අමාත්‍යාංශයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවූ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පසුගියදා මුදල් අමාත්‍යාංශය පියවර ගත්තේය.
ඒ අනුව වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව් දෙනාගෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ රංග රාජපක්ෂ සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.
මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට අද පස්වරුවේ කුලියාපිටිය පොලීසියට තොරතුරක් ලැබී ඇත.
අනතුරුව පොලිසිය කුලියාපිටිය, පහළ වීරඹේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගොස් සිදුකළ පරීක්ෂාකිරීමේදී ගෙවත්තේ කෙසෙල් පඳුරක් අසල තරමක විශාල ලේ පැල්ලමක් තිබෙන අයුරු නිරීක්ෂණය කර ඇත.
තවද ඔහුගේ පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට ලැබෙන බවත් ඔහු වැටී සිටි ස්ථානය ආසන්නයේ තිබී කුඩා ප්‍රමාණයේ පිහියක් හමුවී ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා පොලිසිය ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කළ අතර ඒ අනුව මෙය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකය.


