වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
බොරැල්ල පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කරයි.
පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුත්තක් අතරතුර එම රැඳවියා පලාගොස් තිබූ අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් යළි සිය භාරයට ගෙන ඇත.
අනතුරුව එම රැඳවියා හදිසියේ රෝගාතුර වී තිබූ අතර ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.


