මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම සඳහා වන අමෙරිකානු යෝජනා වලට ඉරානය ලබාදුන් ප්‍රතිචාරය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.
“ඉරානයේ නියෝජිතයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය මම දැන් කියෙව්වා. මම ඒකට කැමති නැහැ. එය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකියි.”
ඉරානයේ යෝජනාවට, යුද්ධය වහාම අවසන් කිරීම, අමෙරිකානු නාවික අවහිර කිරීම් නැවැත්වීම සහ ඉරානයට තවදුරටත් ප්‍රහාර එල්ල නොකරන බවට සහතික වීම ඇතුළත් බව වාර්තා වේ.
අමෙරිකානු යෝජනාවට, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති සාරවත් කිරීම අත්හිටුවීම, සම්බාධක ඉවත් කිරීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නිදහස් ප්‍රවාහනය යළි ස්ථාපිත කිරීම වැනි විධිවිධාන ඇතුළත් බව වාර්තා වේ.
