විශේෂ කාර්ය බලකාය විසින් පරිගණක අපරාධ වලට සම්බන්ධ බවට සැකපිට විදෙස් ජාතිකයින් 54 දෙනෙකු හික්කඩුවේ සංචාරක හෝටලයකදී (11) අත්අඩංගුවට ගෙන ඇත.
විදෙස් ජාතිකයන් පිරිසක් පරිගණක අපරාධ සඳහා හික්කඩුව, දොඩන්දූව ප්රදේශයේ රැඳී සිටින බවට පසුගියදා බූස්ස යුද හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට තොරතුරක් ලැබී ඇත.
ඒ අනුව විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් විශේෂ වැටලීම් ඒකකය හා හික්කඩුව පොලීසිය එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර විදෙස් ජාතිකයන් 54 දෙනෙකු දොඩන්දූවේ පිහිටි සංචාරක හෝටලයකදී අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයන් අතර ඉන්දීය ජාතිකයන් 35 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 19 දෙනෙකු සිටින බව එම නිලධාරින් සඳහන් කරයි.
ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන දෙසියයකට ආසන්න ප්රමාණයක් සහ ලැප්ටොප් පරිගණක 25ක් පොලිස් භාරයට ගෙන ඇත.
