විශේෂ ද්විපාර්ශ්වික සමුළුවකට සහභාගී වීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) චීනයේ බීජිං නුවරට ළඟා වී ඇත.
චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයකට අනුව චීනයට ගිය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන (15) වෙනිදා දක්වා චීන නිල සංචාරයේ නිරත වීමට නියමිතව ඇත.
චීන ජනාධිපති ෂී ජින්පින් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන මෙම හමුව ඉතා තීරණාත්මක එකක් වනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
