Advertisements

විද්‍යා ඝාතනයේ මරණ දඬුවම නියම වූ වරදකරු සියදිවි නසාගනී

යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නම් දැරිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධව මරණ දඬුවම නියම වී රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවෙකු සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වේ.

සියදිවි නසාගෙන ඇත්තේ පූබාලසිංහම් ජෙයකුමාර් නම් 46 හැවිරිදි අයෙක් වන අතර ඔහු යාපනය බන්ධනාගාරයේ රඳවා තිබූ අතර ඊයේ (24) රාත්‍රියේ සියදිවි නසාගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් හතරදෙනෙකුට පනවනු ලැබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැයි (06) වැනිදා යළිත් තහවුරු කළේය. 

අදාළ දඬුවමින් තමන්ම නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා විභාග කොට නිෂ්ප්‍රභ කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ලබාදී තිබුණි.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest