ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර තවදුරටත් දැඩි කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට ආරක්ෂක බලකායට නිල වශයෙන් නියෝග කර ඇත.
තමන් හිස්බුල්ලා සංවිධානය සමඟ යුද්ධයක පසුවන බවත් ඔවුන් සම්පූර්ණයෙන්ම මර්දනය කිරීම සඳහා හමුදා ප්‍රහාරවල වේගය තවදුරටත් වැඩි කළ යුතු බවද අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරයි.
මෑත සති කිහිපය තුළ ප්‍රහාරවලින් හිස්බුල්ලා සටන්කාමීන් 600කට අධික පිරිසක් මියගොස් ඇති බවත් උතුරු ඊශ්‍රායලයට එල්ල කරන ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර සම්පූර්ණයෙන්ම නතර වනතුරු හිස්බුල්ලා වෙත ප්‍රහාර දැඩි කරන බවද බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරයි.
නෙතන්යාහුගේ ප්‍රකාශයෙන් පසුව ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයට අමතරව නැගෙනහිර ලෙබනනයේ පිහිටි බෙකා නිම්නය සහ තවත් ප්‍රදේශ රැසක හිස්බුල්ලා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර ඇත.
