මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 1.33ක මූල්‍ය ප්‍රදානයක් ජපාන රජය විසින් ලබාදී ඇත.
දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජීවනෝපාය අහිමි වූ නැගෙනහිර මිරිදිය ධීවරයින් නගා සිටුවීම සඳහා එම මූල්‍ය ප්‍රදානය ලබාදී ඇත.
අදාළ ගිවිසුම් අත්සන් කිරීම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය (29) වෙනිදා කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේදී සිදු විය.
මෙම ගිවිසුමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා සහ ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නේවාසික නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් යන අය අත්සන් තැබූහ.
