Advertisements

ලිට්‍රෝ ගෑස් මිල ගැන තීරණය

මෙම ජූනි මාසය සඳහා ගෑස් මිල සංශෝධනය ගැන ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම්දීමක් කරයි.

මාසික ගෑස් මිල සංශෝධනයට අදාළ වාර්තා මේ වන විට මුදල් අමාත්‍යාංශයට යොමු කර ඇති අතර එහි අවසන් වාර්තාව අනිද්දා දිනයේදී ලැබීමට නියමිතය.

ඒ අනුව ජූනි මස (05) වනදා ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

ලෝක වෙළඳපොලේ පවතින මිල ගණන්වලට සාපේක්ෂව මෙවර ගෑස් මිල සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

Advertisements
Advertisements
3 Comments
Most Voted
Newest Oldest