Advertisements

සරණට බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරයි

දූෂණ චෝදනාවලට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළේය.

ඒ අනුව දූෂණ චෝදනාවලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකට බරපතළ වැඩසහිත වසර 04ක සිරදඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.

ඊට අමතරව රුපියල් ලක්ෂ 06ක දඩයක් ද කොළඹ මහාධිකරණය විසින් නියම කර ඇත. 

සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවල තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

Advertisements
3 Comments
Most Voted
Newest Oldest