දුෂණ චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණ හමුවේ අධිචෝදනා ගොනු කර ඇත.
2014 වර්ෂයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ගොවීන්ට සහනදායී මිලකට බෙදා හැරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 25ක වියදමින් බීජ බඩ ඉරිඟු තොගයක් ආනයනය කර තිබූ නමුත්, 2015 ජනාධිපතිවරණ සමයේදී තමන්ට වාසි සහගත දේශපාලන පසුබිමක් සකසා ගැනීමට, හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්යක්ෂවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට අනිසි බලපෑම් එල්ල කර ඇති බවට චෝදනා එල්ල වී තිබුණේය.
ඒ අනුව ගොවි ජනතාවට සහන මිලට ලබාදීම සඳහා රජය ගෙනා බීජ බඩඉරිඟු තොගයක් අවභාවිත කරමින්, රුපියල් මිලියන 25ක මූල්‍ය පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට ලක්ව සිටින හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේනට එරෙහි නඩුව එළඹෙන අගෝස්තු මස (28) වනදා නැවත කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (12) නියෝග කළේය.
එදිනට මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මෙහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දුන්නා.
