තිළිණි ප්‍රියමාලිට අධිචෝදනා

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මුළා කරමින් රුපියල් මිලියන 80කට වැඩි මුදලක් වංචා කිරීමේ චෝදනා යටතේ තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන යන අයට පසුගිය (11) වනදා කොළඹ මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා භාරදී ඇත.

විත්තිකාරියන් කෙරෙහි තමන් තුළ කිසිදු සැකයක් ඇති නොවීමට ඔවුන් පවත්වාගෙන ගිය සුඛෝපභෝගී ජීවන රටාව හේතු වූ බව, රජයේ අධිනීතිඥවරයාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු ලෙස සාක්ෂි දෙමින් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි විවෘත අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

නීතිපතිවරයා විසින් ගොනු කර ඇති මෙම නඩුවට අනුව, විත්තිකාරියන් දෙදෙනා විසින් 2022 වසරේ මැයි (30) වනදා සහ ජූලි (30) වනදා අතර කාලසීමාව තුළදී අසාත් සාලි මුළා කර රුපියල් මිලියන 80කට අධික මුදලක් වංචා සහගත ලෙස ලබාගෙන ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest