Advertisements

අපිට නැවතත් බලය දෙන්න.. අපි කරලා පෙන්නන්නම්

LIVE

ජනතාව මුහුණ දෙන පීඩනය අවසන් කිරීමට අවශ්‍ය ශක්තිය තමන් සතු බවත් ඒ සඳහා නැවත බලය ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

එනිසා නැවත වතාවක් රටේ පාලන බලය ලබා දුන්නොත් එය ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

අද රටේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ජනතාව බොහොම අමාරුවෙන් ජීවත්වෙන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ,

“බොහොම අමාරුවෙන් ජීවත්වෙන ජනතාවක් අද රටේ ඉන්නේ. මම හිතන්නේ ජනතාවගේ පැත්තෙන්, මම හිතන්නෑ එදා වේල කන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා ඉන්න කට්ටියට.”

“ශක්තියක් තියෙනවා. අපිට බලය දෙන්න අපි කරලා පෙන්නන්නම්.”

13 Comments
Most Voted
Newest Oldest