සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු මෙරටට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන මෝදර නිපුන නැමැත්තාගේ සහෝදරයෙකු වන මෝදර චතුර සහ බ්ලූමැන්ඩල් සංඛ නැමැති අපරාධකරුවන් දෙදෙනා දිවයිනට  රැගෙන විත් ඇත.

සැකකරුවන් දෙදෙනා ගුවන්තොටුපොළ වෙත පැමිණි පසු ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව මෝදර චතුර කොළඹ, නාරහෙන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් ඇති අතර බ්ලූමැන්ඩල් සංඛ තවදුරටත් ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රඳවා ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.

මෙම සැකකරුවන් මෙරටින් පළා ගොස් අබුඩාබි නුවර සැඟවී සිටින අතරතුර ඉරානය විසින් ප්‍රහාර සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡයාරූප සහ වීඩියෝ දර්ශන සිය ජංගම දුරකථන වල රඳවා තබා ගෙන සිටියදී එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර පසුව මෙරටට පිටුවහල් කර ඇත.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest