ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

අද (14) දින ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත.

වෙබ් අඩවියේ පවතින දුම්රිය කාලසටහන් පද්ධතියට (Timetable System) පමණක් මෙම ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වී ඇති බව දුම්රිය බලධාරීන් සඳහන් කරයි.

සිදුව ඇති හානිය නිවැරදි කර, වෙබ් අඩවිය නැවත යථා තත්ත්වයට පත් කරන තෙක් ආරක්ෂිත පියවරක් ලෙස දුම්රිය නිල වෙබ් අඩවියේ එම කොටස පමණක් තාවකාලිකව අක්‍රිය කර ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest