එකඟතාව සම්පුර්ණයි.. සාම ගිවිසුම ස්විස්ටර්ලන්තයේදී

අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද්ධය අවසන් කිරීම සඳහා දෙපාර්ශවයම එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

තවද හෝමුස් සමුද්‍ර සන්ධිය කිසිදු ගාස්තුවකින් තොරව විවෘත වන අතර අමෙරිකානු නාවික අවහිරතාවය ද අවසන් වන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සිය සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

“ලෝකයේ නැව් සියල්ලම, ඔබේ එන්ජින් පණගන්වන්න. තෙල් ගලා යාමට ඉඩ හරින්න!”

මේ අතර ඉරාන – අමෙරිකා සාම ගිවිසුම ලබන ජුනි (19) වැනිදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබීමට නියමිත බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest