හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී ජනප්‍රිය ගායකයා ඇතුළු 6ක් මරුට

හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී අමෙරිකානු ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන ඔලිවර් ට්‍රී ඇතුළුව 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයට ඉහළින් මෙම හෙලිකොප්ටර් යානා දෙක ගැටී ඇති අතර එම යානාවල සිටි පුද්ගලයින් 6 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.

එක් හෙලිකොප්ටර් යානයක් තුළ ගුවන් මගීන් පස් දෙනෙකු සිට ඇති අතර අනෙක් ගුවන් යානයේ නියමුවා පමණක් ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරින් ගායන ශිල්පි ඔලිවර් ට්‍රී, බ්‍රසීලයේ යූටියුබ් තරුවක් වන ගැස්පාර් ප්‍රිම් ඩයස්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ලූකස් විග්නේල්, බ්‍රසීල සංගීත ශිල්පියෙකු වන ලූකස් බ්‍රිටෝ චාවේස් සහ හෙලිකොප්ටර් යානා දෙකේ නියමුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest