අද (15) පස්වරුවේ මහනුවර – යාපනය A-9 මාර්ගයේ කටුගස්තොට, කලුගල ප්‍රදේශයේදී පාසල් වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව ඇත.
මෙම බිහිසුණු අනතුරින් පාසල් සිසු සිසුවියන් 17 දෙනෙකු හා වෑන් රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය සඳහන් කරයි.
තුවාල ලැබූවන් කටුගස්තොට ප්‍රාදේශීය රෝහලට හා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බවද පොලීසිය සඳහන් කරයි.
මෙම අනතුර සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
