තමන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ “කුමන්ත්‍රණය” නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ විසින් ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ අභියාචනාධිකරණය එහි නියෝගය ජූලි (03) වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කරයි.
මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර කරුණු ඉදිරිපත් කළ අතර පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් කරුණු ඉදිරිපත් කළේය.
අනතුරුව විභාගය අවසන් කළ අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍රගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එහි නියෝගය ජූලි (03) වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.
