ඉදිරියේදී ඇතිවිය හැකි එල්-නිනෝ තත්ත්වයට මුහුණ දීමට රජය ගත් පියවර

ඉදිරියේදී ඇතිවිය හැකි එල්-නිනෝ තත්ත්වය පිළිබඳව රජය අවධානය යොමු කර ඊට මුහුණ දීම සඳහා සැලසුම් සකස් කරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඒ අනුව රජයක් ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවට කිහිපයක් පැවැත්වූ බවත් අමාත්‍යවරු අමාත්‍යාංශ මට්ටමින් ගත හැකි පියවරයන් මේ වනවිට සාකච්ඡා කර ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අද (16) දින කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“රජයක් හැටියට අපි මේකෙන් එන්න පුළුවන් බලපෑම විශේෂයෙන් කෘෂිකර්මාන්තය ඇතුළු ආහාර නිෂ්පාදනයට ඒ වගේම අපේ ජල සම්පත ආදී ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මේ වන විටත් අවධානය යොමු කරලා තියෙනවා. මේ වන විටත් ජනාධිපතිවරයාගේ ප්‍රධාන්තවයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණා.

ඒ වගේම අමාත්‍යවරු තම තමන්තේ අමාත්‍යාංශවල මෙවැනි තත්ත්වයක් ලබන ජූලි – අගෝස්තු කාලවල සහ අනිත් පැත්තෙන් ඊළඟ අවුරුද්දේ ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරලා පූර්ණ වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ දැන් සාකච්ඡා කරමින් සැලසුම් සකස් කරමින් ඉන්නවා.

විශේෂයෙන් ඊළඟ කන්න වගා කිරීමේදී කොහොමද අපි මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කියන එක. මොකද මේකෙදි දැනට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු මීට සම්බන්ධ කණ්ඩායම් මේ ඇති විය හැකි ස්වභාවය පිළිබඳය යම් පුරෝකථනය නිකුත් කරලා තියෙනවා. මේවාත් සැලකිල්ලට අරගෙන තමයි ඉදිරි සැලසුම් සකස් කරන්නේ.”

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest