ලෝකයේ කාලගුණික වෙනස්කම් මුලින්ම කියන්න පුළුවන් සජිත් රටට සම්පතක්

ලෝකයේ සිදුවන කාලගුණික වෙනස්කම් සම්බන්ධයෙන් මුලින්ම ප්‍රකාශ කළ හැකි විපක්ෂ නායකවරයෙකු ශ්‍රී ලංකාව තුළ සිටීම රටට මහත් සම්පතක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

එනිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම ධුරයේ තබා ගනිමින් ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ අනෙකුත් රට වලටද මෙවැනි කාලගුණික තත්ත්වයන් සම්බන්ධව උපකාර සිදු කරන්නේ නම් ඉතා හොදයි බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

එල් -නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් මුලින්ම ප්‍රකාශ කරනු ලැබුවේ විපක්ෂ නායකවරයා විසින් බවට ඔහු පවසන තෙක් තමන් ඇතුළු රජය ඒ පිළිබඳව දැනුවත්ව නොසිටි බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමාත්‍යාංශ සහ අදාළ රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධාරීන්ට අමතරව විපක්ෂ නායකවරයාද මෙවැනි පාරිසරික සහ කාලගුණික වෙනස්වීම් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටීම රටකට සම්පතක් බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අද (16) දින පැවැති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest