පාතාල කල්ලි සමන්ගේ මත්කුඩු ජාවාරම මෙහෙයවූ 10 වසරේ පාසල් සිසුවා අත්අඩංගුවට

පොලීසියට ලද තොරතුරකට අනුව ප්‍රබල පාතාල සාමාජිකයෙකු බව කියන “සමන් කොල්ලා” නැමැත්තාගේ මත්කුඩු ජාවාරම මෙහෙයවූ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අම්බලන්ගොඩ, මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රියේදී එම සිසුවා අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්තාවේදී ඔහු සතුව තිබූ ලක්ෂ 5ක පමණ වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සැකකාර පාසල් සිසුවා අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසලක 10 වසරේ ඉගෙනුම ලබන බව පොලීසිය විසින් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සිසුවාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී “සමන් කොල්ලා” නැමැත්තා සමග කළ සංවාද සහ ඔහු මීට පෙර ලබාදුන් උපදෙස් පරිදී මත් ද්‍රව්‍ය පැකට් සැඟවූ ස්ථාන රැසක් සම්බන්ධ තොරතුරු හෙළිවු බවද පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් එම සිසුවා මත්ද්‍රව්‍ය තොගය තමා සන්තකයේ තබා ගෙන “සමන් කොල්ලා” නැමැත්තාගේ උපදෙස් පරිදි ජංගම දුරකථනය ලැබෙන ගමන් මාර්ග ඔස්සේ මත් කුඩු සඟවා ඇති බවද අනාවරණය වී ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest