දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථානවල සේවාවන් සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රතිචාර සෘජුව ලබා ගැනීම සඳහා “Sri Lanka Police Community Feedback Portal” නමින් Online Digital Platform එකක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය මඟින් සපයනු ලබන සේවාවන් පිළිබඳ මහජන අදහස්, පැමිණිලි, ප්‍රශංසා සහ යෝජනා ලබා ගැනීම සඳහා නව “QR” කේත පද්ධතියක් හඳුන්වා දී ඇත.
මෙම නව ක්‍රමවේදය හරහා පුරවැසියන්ට තම අදහස්, පැමිණිලි, ප්‍රශංසා හෝ යෝජනා පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකි වන අතර එම තොරතුරු විශ්ලේෂණය කර ජනතාව කේන්ද්‍ර කරගත් වඩාත් කාර්යක්ෂම පොලිස් සේවාවක් සැපයීම මෙහි අරමුණ වේ.
මෙම නව “QR” කේතය භාවිත කිරීමේදී ජනතාවට අදහස, පැමිණිල්ල, ප්‍රශංසාව හෝ යෝජනාව යන අංශයන්ගෙන් අදාළ විකල්පය තෝරා ගැනීමට හැකි අතර අවශ්‍ය නම් පුද්ගලික තොරතුරුද ඇතුළත් කළ හැකි අතර පොලිස් ස්ථානයට පැමිණි කාරණය, සිද්ධිය හෝ අදහස පිළිබඳ විස්තරද අදාළ පද්ධතියට ඇතුළත් කිරීමට පහසුකම් සලසා ඇත.
දිවයින පුරා සියලුම පොලිස් ස්ථානවල මහජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථාන වන පිළිගැනීමේ අංශ සහ චෝදනාගාර ආසන්නයේ මෙම නව “QR” කේත පුවරු ස්ථාපිත කිරීමට නියමිතය.
