අද (17) දිනයේ ප්‍රදේශ කිහිපයකට පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
උඩවලව ජල සම්පාදන යෝජනා ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උඩවලව නගරය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට තාවකාලික ජල සැපයුම් අත්හිටුවයි.
උඩවලව නගරය සහ RET නගර සීමාව ආශ්‍රිත ප්‍රදේශවලට අද පෙරවරු 9.00 සිට පස්වරු 10.00 දක්වා පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
මෙම කාලය තුළ පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන බවත් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලයි.
