ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීමට අදාළව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අද (17) දින යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්තේය.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව යෝෂිත රාජපක්ෂ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 3ක් මත සැකකරු මුදාහරින ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවද දැනුම් දුන්නේය.
අල්ලස් කොමිසමේ නිලධාරිනියන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා විසින් මෙම නියෝගය නිකුත් කළේය.
