ඉදිරියේදී මෙරටට පැමිණීමට තිබෙන්නේ පසුගිය මාසවල මිලදී ගත් ඉන්ධන තොග බවත් ඒ අනුව ඉන්ධන මිල ගණන් තීරණය වන බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සඳහන් කරයි.
වර්තමානයේ රට තුළ පරිභෝජනය කරමින් පවතින්නේ මීට පෙර ඉහළ මිලකට මිලදී ගත් ඉන්ධන බැවින් එම ඉන්ධන තොග අවසන් වන තුරු මෙරට තුළ ඉන්ධන මිල පහත දැමීමට හැකියාවක් නොමැති බවද අමාත්‍ය අනිල් ජයන්ත සඳහන් කරයි.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පහළ ගියද, එම මිල ගණන් අනුව මෙරට පවතින ඉන්ධන මිල පහළ දැමීමට කිසිදු හැකියාවක් නොමැති බවද අමාත්‍ය අනිල් ජයන්ත සඳහන් කරයි.
කෙසේ වෙතත් වැඩි මිල ගණන් වලට මෙරටට ආනයනය කළ ඉන්ධන තොග පරිභෝජනය කර අවසන් වූ පසුව ඉන්ධන මිල සම්බන්ධව තීරණයක් ගැනීමට හැකි වන බවද අමාත්‍ය අනිල් ජයන්ත සඳහන් කරයි.
අමාත්‍ය අනිල් ජයන්ත සඳහන් කළේ,
“අපිට ඉදිරියේදී එන්න තියෙන්නේ කලින් මාසවල ගත්ත ඒවා. ඒ අනුව තමයි මිල තීරණය වෙන්නේ. ඉදිරියට පරිභෝජනය කරන්න තියෙන්නේ අපි වැඩි මිලට ගත්ත ඒවා ටික. අඩු මිලේ ඒවා ඉදිරියේදී තමයි අපිට ලබාගන්න වෙන්නේ.
ඒකට යම් කාල පමාවක් යාවි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මිල අඩු වේවි කියලා. ඒ අනුව, මේ දැන් ලබාදී තිබෙන සහනය අපිට අයින් නොකර මේ මිලේම පවත්වා ගැනීම හෝ මිල අඩු කිරීම ඉදිරියේදී සලකා බලනවා.”
අද (17) දින ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය අනිල් ජයන්ත මේ බව සඳහන් කරයි.
