ගෝඨාභයගේ රිට් පෙත්සම සලකා බැලීම අද

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීම අද (18) සිදුකිරීමට අභියාචනාධිකරණය ඊයේ (17) දින නියෝග කළේය.

මෙම පෙත්සම ඊයේ (17) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී, තම පුද්ගලික හේතුන් මත තමන් මෙම නඩු විභාගයට සහභාගී නොවන බව විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේය.

එම විනිසුරුවරයාගේ ඉවත් වීම හේතුවෙන් නඩුව නැවත කැඳවූයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල ඉදිරියේය.

එහිදී සභාපති විනිසුරුවරයා නියෝග කළේ, මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා (18) දින කැඳවන බවයි. ඒ අනුව එම පෙත්සම අද දින කැඳවීමට නියමිතව ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest