බස් රථ, භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ, යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ ට්‍රැක්ටර් වැනි ඉඩම් වාහන හැර, පුද්ගලික පරිහරණය සඳහා මෙරටට ආනයනය කරනු ලබන කාර් සහ ජීප් රථ සඳහා පවතින රේගු බද්ද මත 50%ක අධිභාරයක් පනවා ඇතැයි මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කරයි.
අද (17) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මේ බව සඳහන් කරයි.
තවද කාලීන හා තාක්ෂණික අවශ්‍යතා වලට ගැළපෙන පරිදි සමස්ත රේගු ආඥා පනතම සංශෝධනය කර නව තනි නීතිමය පනතක් කෙටුම්පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කරයි.
වරින් වර සංශෝධනය වූ පැරණි පනත වෙනුවට නවීන ආනයන ක්‍රමවේද සහ තාක්ෂණික දියුණුවට ගැළපෙන නව පනතක් පත් කළ කමිටුවේ නිර්දේශ මත ඉදිරියේදී සකස් කරන බවද නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කරයි.
තවද රේගු කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව ස්කෑනර් යන්ත්‍ර මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත් මේ හරහා භාණ්ඩ නැවට පටවන අවස්ථාවේදීම ලිපි ලේඛන නිෂ්කාශනය කර මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරන බවද නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කරයි.
