පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සිදුකරන විමර්ශන වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සුරේෂ් සලේ විමර්ශනයට සහාය දීමට බැදිලා නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.
සුරේෂ් සලේ තමන්ගේ ජංගම දුරකථනයේත්, පරිඝණකයේත් මුරපදය ලබා දෙන්නේ නැහැයි කියා රහස් පොලීසියේ නිලධාරීන් සහ ආණ්ඩුවේ දේශපාලඥයින් නහයෙන් අඬන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ,
“සුරේෂ් සලේ මැතිතුමා තමන්ගේ ජංගම දුරකථනයේත්, පරිඝණකයේත් මුරපදය ලබා දෙන්නේ නැහැයි කියලා රහස් පොලීසියේ නිලධාරීන් නහයෙන් අඬනවා. ආණ්ඩුවේ සිටින දේශපාලකයොත්, ආණ්ඩුවට කඩේ යන විපක්ෂ දේශපාලකයොත් මේ මුරපදය ලබාදිය යුතුයි කියලා නහයෙන් අඬනවා.”
“සලේ මැතිතුමා මේ වනවිට පොලිස් විමර්ශනයක සැකකරුවෙක්. සමස්ත ලෝකයේම පවතින නීතිමය මූලධර්මය අනුව කිසිම සැකකරුවෙක් තමන්ට එරෙහිව කරන විමර්ශනයකට සහාය දීමට බැදිලා නෑ.”
