සුප්‍රසිද්ධ සංචාරක රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ පිහිටි බයාහිබේ වෙරළ තීරයේ සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක දැවැන්ත ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොව පුරා හෝටල් 8,400කට අධික සංඛ්‍යාවක හිමිකාරීත්වය දරන ප්‍රමුඛ පෙළේ වින්ඩ්හැම් (Wyndham) හෝටල් ජාලයට අයත් හෝටලයක මෙම ගින්න හටගෙන ඇත.
මෙම ගිනිගැනීමෙන් 46 හැවිරිදි ඉතාලි ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එහි රැඳී සිටි සංචාරකයින් 1,700කට ආසන්න පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
ගින්න හේතුවෙන් කැරිබියානු වෙරළ තීරයට ඉහළින් අඳුරු දුමාර වලාකුළු නැඟී ගිය අතර නිවාඩු නිකේතනයේ පිදුරු සහ තල්කොළවලින් සෙවිලි කළ වහලවල් සම්පූර්ණයෙන්ම ගිනිදැල්වලින් වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
