තමන් දැනට ක්‍රියාකාරී දේශපාලනයෙන් බැහැරව සිටින බැවින් මේ මොහොතේ බලයේ සිටින්නේ කවුරුන් වුවද රටේ ජනතාව වෙනුවෙන් යහපතක් කරන්නේ නම් තමන් ඊට කැමති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ,
“අපි ඉතින් දැන් මේ දේශපාලනයේ නෑ නෑනේ. අපි ක්‍රියාකාරී දේශපාලනේ නැහැ. ඉතින් ඒක නිසා මේ අපි කැමතියි කවුරුහරි කමක් නෑ රට හොඳට හදනවා නම්. රටේ මිනිස්සුන්ට යහපත්ව ජීවත් වෙන්න දරුවන්ට හොඳ රටක් හදනවා නම් කාගෙන් හරි හොඳ ආර්ථිකයක් එක්ක දුගී භාවය අවම වෙලා ඒක තමයි අවශ්‍ය වෙන්නේ.“
“ඔයාලට වඩා මට දැනෙනවා තෙල් මිල. ඇයි ඉතින් දැන් දැන් ඔයාට කීයක් හරි පඩියක් හම්බවෙනවා නේද.? හම්බෙනවානේ කීයක් හරි. ඉතින් මට පැන්ෂන් එකක් නෑනෙ. ඒවත් ඔක්කොම නෑනේ. ඉතින් එතකොට මම මොකද කරන්නේ ඒකට. ඉතින් ඔයාලට වඩා මට අමාරුයි.”
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කරයි.
