Advertisements

ලක්ෂ්මන් යාපාට එරෙහි නඩුවට මොකද වුණේ.?

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩුව අද (22) කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුව ඇති අතර අනතුරුව වැඩිදුර විභාගය ජූලි මස (30) වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කර ඇත.

මහින්ද රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස (19) වන දින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත් 11ක අතිරේක පළ කිරීම තුළින් රජයට 1,748,877.76ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු දෙදෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest