පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රතිලාභ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලැබුණේ නැති බවත් සෑබෑ ප්‍රතිලාභියා කාදිනල් හිමි බැවින් ප්‍රහාරයේ වගකීම කාදිනල් හිමිට පැවරිය යුතු බව හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.
අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමින් උදය ගම්මන්පිල සඳහන් කළේ,
“පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියෙක් ඉන්නවා. කාදිනල් හිමියන් 2022 නොවැම්බර් (15) වැනිදා විශ්‍රාම යෑමට තිබුණා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රබල පිරිසක් නීතීය හමුවට ගෙන ඒමට මම තනතුර දැරිය යුතුයැයි වතිකානුවට දැනුම්දීලා. කාදිනල් හිමි අවස්ථා 04කදී සේවා දිගු ලබාගෙන තිබෙනවා.
පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා කාදිනල් හිමි. එසේනම් මෙම ප්‍රහාරයේ වගකීම කාදිනල් හිමිට පවරන්නේ නැත්තේ ඇයි.? 2021 ඔක්තෝබර් (13) වැනිදා සිදුකළ සාකච්ඡාවකදී. පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සලේ කියලා සිරිල් ගාමිණී පියතුමා කියනවා එය සිදුකළේ කුමන සාක්ෂියක් මතද.?
පාස්කු විමර්ශන නැවැත්වීමට ආණ්ඩුවට බලකරන විපක්ෂයේ පිරිස කවුද.? සුරේෂ් සලේ සිය දුරකථනයේ සහ පරිගණකයේ මුරපද රහස් පොලිසියට ලබාදිය යුතුයි කියලා ඔබතුමා ප්‍රකාශ කළා. සැකකරුවෙකුට එවැනි බලකිරීමක් සිදුකිරීම නීතිවිරෝධී බව දන්නෙහිද.?
රහස් පොලිසිය සලේට අමානුෂික ලෙස සලකා ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් හා මානව හිමිකම් වාර්තාවෙන් තහවුරු වී තිබෙනවා. එම අමානුෂික සැලකිලි සම්බන්ධයෙන් අප හඬනගනවිට ඔබතුමා එය සාධාරණීකරනය කරමින් ප්‍රකාශ සිදුකිරීම සාධාරණද.?
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනාවට ලක්වීම නිසා. ගෝඨාභය රජපක්ෂ ආණ්ඩුව ශානි ඉවත් කළ බව දැනගෙනත්. යළි ඔහු එම තනතුරේ පිහිටුවන ලෙස සිදුකළ ඉල්ලීම හරහා නැවත පරීක්ෂණ භාරදෙන්නේ චුදිතයෙකුට බව දැන සිටියාද.?
ශානි සහ රවීට නඩු පැවරිය යුතු බවට නිර්දේශ කර තිබියදී ඔවුන්ටම එම තනතුරු ලබාදීමට බලකිරීමෙන් සැඟවිය යුත්තක් තිබුණේද.? එකිනෙකට පරස්පර ඉල්ලිම් සිදුකළ බව පිළිගන්නවාද.? වරින්වර මහමොළකරු මාරුකිරීමට බලපෑ හේතු මොනවාද.”
පාස්කු ප්‍රහාරයේ මොළකරු ලෙස සුරේෂ් සලේ නම් කර ඇති පසුබිමක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ සුරේෂ් සලේ බේරාගැනීම වෙනුවෙන් උදය ගම්මන්පිල මෙතරම් දගලන්නේ ඇයි.? සලේගේ දුරකථනයේ සහ පරිඝණකයේ තිබෙන රහස් තොරතුරු මොනවාද.? ඒවා එළියට එයි කියන බයෙන් මාධ්‍ය සාකච්ජා තියන්නේ ඇයි.?
