හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ නියමිත සුදුසුකම් වෙනස් කරමින් නාවික හමුදාවේ විධායක නිලධාරියෙකු ලෙස බැදී රජයේ මුදල් අවභාවිත කරමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුව ලැබීමට අදාළව සිදුවන විමර්ශනයක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමට කැඳවා ඇත.
එහෙත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසම හමුවේ (22) දින පෙනී සිටීමට නොහැකි බව දැනුම් දී ඇත.
පසුගිය (16) වනදා ද හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබු අතර එදින ද පැමිණීම ප්‍රතික්ෂේප කර තිබුණේය.
මෙම විමර්ශනය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ පසුගිය (17) වනදා අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප තුනක් මත නිදහස් කළේය.
