LIVE
දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී කටයුතු වලින් අද (20) දිනයේ සිට ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇත.
කටුනායක ගුවන්තොටුපොළේ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පල කරමින් මෙම තීරණය ගෙන ඇත.
ඊයේ (19) දින රාත්‍රී රැස්වූ සිය සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කරයි.
තවද හෙට (21) දිනයේ දිවයින පුරා සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කරයි.
