LIVE
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද (20) දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සැලසුම් කර තිබූණේය.
එහෙත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පැවැත්වීමට සැලසුම් කර තිබූ සාකච්ඡාවට සහභාගී නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැනුම් දී ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම දැනුම් දීම සිදුකර ඇත.
පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය සහතික කළ හැකි අවස්ථාවක් උදාවෙන තුරු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන කල්දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා ඇත.
