මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුව (20) දින කොළඹ විජේරාම ප්‍රදේශයේ පිහිටි විශේෂ මහාධිකරණයේදී යළි කැඳවනු ලැබුවේය.
මෙම නඩුවේ ප්‍රධානතම සාක්ෂිකරුවෙකු වන 4 වන සාක්ෂිකරුගේ සාක්ෂිය නැවත ලබා ගැනීමට එරෙහිව එම නඩුවේ විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
ඒ සම්බන්ධයෙන් මහාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ විත්තියේ නීතිඥයින් විසින් දැනුම් දී ඇති අතර ඒ අනුව 4 වන සාක්ෂිකරුගෙන් නැවත සාක්ෂි ලබාගැනීමට නොහැකි බවට විත්තියේ නීතිඥයින් කරුණු දක්වා ඇත.
4 වන සාක්ෂිකරු අධිකරණය හමුවට කැඳවා තිබූ අතර ඔහු විශේෂ කාර්ය බලකායේ පූර්ණ ආරක්ෂාව යටතේ අධිකරණයට රැගෙන එනු ලැබුවේය.
ඒ හේතුවෙන් 4 වන සාක්ෂිකරුගේ සාක්ෂි විමසීම සිදුකිරීමට නොහැකි වූ අතර නඩුව වැඩිදුර විභාගය සඳහා සැප්තැම්බර් (04) වැනිදා දක්වා කල් තැබීමට විශේෂ මහාධිකරණය නියෝග කළේය.
